2025 ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා ජාරිභෝගික අදිකාරිය විසින් සිදු කළ වැටලීම්වලින් මහේස්ත්‍රාත් අධිකරණවල ගොනු කරන ලද නඩු හරහා රුපියල් මිලියන 211ක දඩ මුදල් නියම කර තිබෙනවා.
එහිදී දිවයින පුරා සිදු කර ඇති සමස්ත වැටලීම් ප්‍රමාණය 14,682 ක් බවයි එම අදිකාරිය සදහන් කළේ.
ඒ අනුව සහල් වෙළඳපොළ තුළ වැටලීම් 2,800ක් සිදු කර ඇති අතර එයට සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් වැටලීම් 915ක් ද ඇතුළත් බවයි වාර්තා වන්නේ.
මෙම සහල් වැටලීම් සම්බන්ධයෙන් අධිකරණ මගින් රුපියල් මිලියන 95ක දඩ මුදල් පනවා ඇති බවයි එම අදිකාරිය නිවේදනයක් මගින් අවධාරණය කළේ.
සහල් ඉහළ මිලට විකිණීම පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ බරපතල වරදක් වනවා.
වරදකරුවන්ට අවම වශයෙන් රුපියල් 100,000 සිට රුපියල් 500,000 දක්වා දඩයක් හෝ මාස හයක සිර දඬුවමක් හෝ මෙම දඩුවම් දෙකම නියම කිරීමේ හැකියාව පවතිනවා.
සමාගම් සඳහා, අවම දඩය රුපියල් 500,000ක් වන අතර, අධිකරණයට රුපියල් මිලියන 5ක් දක්වා දඩ මුදල් පැනවීමට බලය පවතිනවා.
සහල් වෙළඳාමේදී ගැසට් කර ඇති මිල ගණන් පවත්වාගන යාම සදහා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් මගින් දැනුම් දෙනවා.
උණුසුම් පුවත්
- දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පිළිබද අනාවරණයක්
- කන්කසන්තුරය අනුරාධපුරය දුම්රිය ගමන් අද සිට ඇරඹෙයි
- උත්සව සමයේ ආරක්ෂාවට විශේෂ මෙහෙයුම් මැදිරියක්
- ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට
- සෝමාවතී – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි
- පික්මී සහ ඌබර් කුලී රථ රියදුරන්ට එල්ල වූ ප්රහාර ගැන පොලිසියෙන් නිවේදනයක්
- තිස්ස විහාරය ඉදිරිපිටදී අත්අඩංගුට ගත් පිරිස ඇපමත මුදාහරී
- ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි













