ගැටලු කිහිපයක් මුල් කරගනිමින් විශ්‍රාමික රණවිරුවන් ආරම්භ කල විරෝධතාවය අද දෙවන දිනටත් ජනාධිපති ලේකම් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුණා.
යුද්ධයේදී ආබාධ වූ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට මතුව ඇති ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ආබාධිත රණවිරුවන් පිරිසක් ඊයේ දිනයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවයක නිරත වී සිටිනවා
ඔවුන් කියා සිටින්නේ 2025 අයවැය යෝජනාවෙන් සියලු රාජ්‍ය සේවකයන්ට ලබාදීමට තිබූ වරප්‍රසාද මගින් ඔවුන්ගේ වරප්‍රසාද කපා හැර ඇති බවයි
එමෙන්ම පවුලේ අයට ලැබිය යුතු මුදල් කපා හැරීමේ ගැටලුවද තම පිරිසට ඇති බවයි ඔවුන් පවසන්නේ.
අදාල බලධාරීන් සමඟ සාකච්ඡා කළ බවත් සති දෙකක කාලය ඇතුලත සිය ගැටළු සදහා පිළිතුරු ලබා දෙන බවත් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය සදහන් කළා.
කෙසේ වෙතත් මේ සඳහා නිසි ප්‍රතිචාර නොලැබුණහොත් සති දෙකක් ඇතුළත දරුණු ක්‍රියාමාර්ග ගන්නා බව රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවා.