තරුණ මුස්ලිම්වරුන්ගේ සංගමයේ නාවලපිටිය ශාඛාව හා නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි මුස්ලිම් පල්ලියේ සංවිධානයෙන් “” නමින් වැඩසටහනක් ඊයේ(30) දවස පුරා පවත්වා තිබෙනවා.
මෙම වැඩසටහන මගින් මුස්ලිම් ආගමික ස්ථානයක සිදු කරන සියලු කටයුතු ඔවුන්ගේ ආගමික වත්පිළිවෙළත්, ආහාර පාන, ඇඳුම් පැළඳුම් පිළිබඳ මෙන්ම එම ආගමික ස්ථානය මුළුමනින්ම නිරීක්‍ෂණය කරමින් දැනුම ලබාදීම සිදු කෙරෙන බවත් මුස්ලිම් භක්තිකයන් නෙවාන පිරිස් තුළ තම ආගම සම්බන්ධයෙන් පවතින ඇතැම් දුර්මත ඉවත් කිරීමත් ඔවුන්ට තම ආගම පිළිබඳ දැනුම ලබාදීමත් මූලික අරමුණ ලෙස මෙම වැඩසටහන සිදු කළ බවත් ඉස්ලාම් ධර්මය ප්‍රචාරණය කිරීමක් කිසිදු ලෙසකින් මෙයින් බලාපොරොත්තු නොවන බවත් වැඩසටහන සංවිධානය කළ තරුණ මුස්ලිම්වරුන්ගේ සංගමයේ සභාපති මොහොමඩ් සුක්රී මහතා කියා සිටියා.
මෙහිදී මුස්ලිම් ජාතිකයන්ට අනන්‍ය වූ ඇඳුම් පැළඳුම්, වැඩසටහනට සහභාවූ පිරිස් වෙත පැළඳීමේ අවස්ථාව ලබාදී තිබූ අතර, මුස්ලිම් කාන්තාවන් පළඳින අබායා ඇඳුමකින් ප්‍රධාන ආරාධිතයා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මිය සැරසී මෙහෙන්දි රටාවලින් අලංකාරව සිටීම සියලු දෙනාගේ දැඩි අවධානයට ලක් වූවා.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තුෂාරි ජයසිංහ, නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර, පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභා ලේකම්තුමිය ඇතුළු සියලු රාජ්‍ය ආයතන නගරයේ පාසල්වල සිසු දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.