ප්කාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඉන් පිටව ගොස් තිබෙනවා.
ගම්මන්පිල මහතා පැය තුනකට අධික කාලයක් ප්‍රකාශය ලබාදීමෙන් පසුව පස්වරුවේදී පිටව ගිය බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ.
නිසි පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කරන ලද කන්ටේනර් සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් සඳහායි ඒ මහතා ප්‍රකාශයක් ලබාදීමට පැමිණ සිටියේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එළියට පැමිණි උදය ගම්මන්පිල මහතා මෙලෙස අදහස් පළ කළා.
කියන්න ඕනි දේ කෙටියෙන් සහ පැහැදිළිව දුන්නා. තොරෙණේ විස්තරය වගේ… මේක පියවරෙන් පියවර කිව්වොත්… පළවෙනිම වෙන්නේ නිලධාරීන් චෝදනා නගන විදිහට මේ බහාලුම් පරීක්ෂාවකින් තොරව නිදහස් කර ගැනීම සඳහා කෘතිමව දෙසැම්බර් මාසේ මුල වෙන විට බරපතල බහාලුම් තදබදයක් වරායේ ඇති කරනවා.
එහි ප්‍රතිඵලයක් විදිහට දෙසැම්බර් 13 වෙනිදා ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරනවා මේ බහාලුම් තදබදය විසඳීමට කෙටි කාලීන විසඳුම් අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරන්න.
බිමල් රත්නායක ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන්න. මේ කමිටුව පත් කරලා අමාත්‍ය මණ්ඩල ලේකම්, ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්ට දැනුම් දෙනවා ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙහෙ කමිටුවක් පත් කළා. කමිටුවේ යෝජනා ඇමැති මණ්ඩලයට එවන්න.
ඇමැතිතුමාට බලයක් දීලා තියෙනවද ප්‍රශ්නෙ විසඳන්න…. නෑ… විසඳුම් යෝජනා අමාත්‍ය මණ්ඩලයට එවන්නයි කමිටුව පත් කරේ. හිතමතේ තමන්ගේ බලය ඉක්මවා ගිහින් මේ රේගු අධ්‍යක් ජනරාල්ට නියෝග දෙනවා.. මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙනවා.
ඇත්තෙන්ම වරාය බාර අමාත්‍යවරයාට නෙවෙයි රේගුව භාර මුදල් අමාත්‍යවරයාටවත් පනතෙන් බලයක් දීලා නෑ රතු ලේබල් සහිත බහාලුම් පරීක්ෂාවකින් තොරව නිදහස් කරන්නයි කියලා රේගු නිලධාරීන්ට නියෝග කරන්න.
මේ අතර අදාළ කන්ටේනර් සම්බන්ධ ලැයිස්තුව උදය ගම්මන්පිල මහතා විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
එම ලේඛනය පහතින් දැක්වේ.