Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    2026-02-16

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    2026-02-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට
    • ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට
    • වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට
    • ජනපති හෙට ඉන්දියාවට
    • කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට
    • කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි
    • හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » VIDEO : ආණ්ඩුවට බිම් මට්ටමේ ජනතාවගේ අප්‍රසාදයක් ඇති වෙලා

    VIDEO : ආණ්ඩුවට බිම් මට්ටමේ ජනතාවගේ අප්‍රසාදයක් ඇති වෙලා

    2025-06-15කියවීමට මිනිත්තු 4ක් ගතවේ.129 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බිම් මට්ටමේ ජනතාවත් සමග කතා කිරීමේදී ආණ්ඩුවට යම් අප්‍රසාදයක් තියෙන බව පෙනෙන්නට ඇති බවත් වත්මන් ආණ්ඩුවට ආර්ථික උත්පාදන වැඩපිළිවෙළක් නොමැති බවත් ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසි රාහුල හිමියන් පවසනවා.

    රාහුල හිමියන් මේ බව කියා සිටියේ අද(15) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    එසේම උන්වහන්සේ පවසන්නේ ජීවන වියදම ඉහළ යාමත් සමගින් පොල්, ලුණු මිල මෙන්ම හාල් මිලද ඉහළ යාම නිසා රටේ ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

    හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට හොඳ ආර්ථික සැලසුම් තිබූ බවත් අත්දැකීම් නොමැති නම් විපක්ෂයේ හොඳ අයත් එකතු කරන් වට මේස සාකච්ඡාවක් කර සියලු දෙනා එක්වී රට ගොඩගැනීමට පියවර ගත යුතු බවද උන්වහන්සේ පෙන්වා දෙනවා.

    එසේ නොමැති තමන්ගේ බලය රැකගැනීමට පමණක් කටයුතු කිරීම තුළින් රටේ ජනතාවට දැඩි බලපෑමක් එල්ල වන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙලෙස කියා සිටියා.

    ආණ්ඩුවට බිම්මට්ටමේ යම් අප්‍රසාදයකුත් තියෙන බව පේනවා මිනිස්සුත් එක්ක කතා කරනකොට, මොකද මේ ජීවන වියදමත් එක්ක මේ ඉහළ යෑමත් එක්ක. අද පොල් ගෙඩියක් කීයද ? ලුණු පැකට් එකක් කීයද? ඒ වගේම හාල් කිලෝ එකක් කීයද? මිනිසුන්ට ජීවත් වෙන්න බෑ.

    මෙම පුවතත් කියවන්න…

        • අතේ තනතුරු මට එපා – මෛත්‍රී කියයි
        • වෙඩි පත්තු නොවෙයි – දිවි ගැලවෙයි

    ඒ කතාව ඇත්ත… හැබැයි මේ වර්තමාන ආණ්ඩුවට මම දැක්ක දෙයක් තමයි තාම ආර්ථික උත්පාදන වැඩපිළිවෙලක් නෑ. වැඩපිළිවෙලක් ගොනු කරන්න තාම ක්‍රමයක් හැදිලා නෑ. ඉතින් ඒක නිසා මම ඉල්ලීමක් කරනවා අතිගරු ජනාධිපතිතුමා ඇතුළු මේ රජයෙන්, මේ අපේ තියෙන දේශීය සම්පත් ප්‍රයෝජනයට අරගෙන, කෘෂිකාර්මික පැත්තෙන් මිනිස්සුන්ට සහන දීලා, අපි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්නේ නැතුව මේ රජයට බෑ.

    දැන් අපි හැමතිස්සෙම බැට කාලා බැට කාලා, රට ආර්ථිකය වශයෙන් වැටිලා තියෙන රටක් නෙ… මේක ඇත්ත කතාව. ජීවන වියදම දවසින් දවස, මොහොතින් මොහොත ඉහළ යනවා.

    බෙහෙත් ටිකක් ගන්න ගියාම අද පෙන්නඩෝල් එක රුපියල් දහයට තිබිච්ච එක හෙට රුපියල් රු. 100යි. එවැනි තත්වයකට පත් වෙලා.

    පොල් ගෙඩියක් අද රුපියල් 150 යි, 200 යි. හාල් කිලෝ එකක් ඒ වගේම ගණන්. ඉතින් දුප්පත් මිනිස්සු තමයි මේ රටේ බහුල වශයෙන් ජීවත් වෙන්නේ.

    ඉතින් ඒක නිසා මම ඉල්ලීමක් කරන්නේ නිෂ්පාදන ආර්ථිකයක් හදන්න. අපිට නිෂ්පාදන කෘෂිකාර්මික ආර්ථිකයක් හදන්නේ නැතිව රට ගොඩනගන්න බෑ. සංචාරකයෝ එන යන එක දිහා බලාගෙන ඩොලර් මත්තේ මැරිලා මේ වැඩේ කරන්න බෑ. ඒකත් හරියට තාම ක්‍රියාත්මක නෑ. මොකද දැන් ඕෆ් සීසන් එක නිසා සංචාරකයෝ එන්නේ නෑ.

    අපට වැඩපිළිවෙළක් අවශ්‍යයි ඕෆ් සීසන් එකෙත් සංචාරකයෝ ගෙන්නා ගන්න. සංචාරකයින් ගැවසෙන ස්ථාන සංවර්ධනය කරලා යටිතල පහසුකම් ටික සංවර්ධනය කරලා, ඒවාට අවශ්‍ය කරන පහසුකම් ටික දීලා ඒවා විදිමත් කරන වැඩපිළිවෙලක් තාම මම හිතන්නේ හරියට ක්‍රියාත්මක වෙලා නෑ.

    ඉතින් ඒකත් එක්ක තමයි මම කියන්නේ මේ ආණ්ඩුවට අර නිෂ්පාදන ආර්ථිකයක් නොතිබුණොත් දැන් කර්මාන්තශාලා වැටිලා. මේවා පවත්වාගෙන යන්න බෑ මිනිස්සුන්ට බැංකු පොලිය, බදු, බදු නැතුව රට පවතින්නත් බෑ. හැබැයි නිෂ්පාදන ආර්ථිකයක් නැතුව මිනිස්සුන්ගෙන් බදු ගහලා කොහොමද?

    බදු ගහලා මේ රට ගෙනියන්න බෑ. බදු මත්තේ විතරක් මැරිලා මේ කටයුතු කරන බෑ. තවත් විවිධ ආදායම් මාර්ග මේ රටට උත්පාදනය කරගන්න, ඩොලර් සපයා ගන්න ක්‍රමවේදයන් තියෙනවා.

    මෙම පුවතත් කියවන්න…

        • PHOTOS: කඳ සුරිඳු වන්දනාවට පළමු පාද චාරිකව ඇරඹෙයි
        • හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ නම විකුණා මුල්‍ය වංචාවක්

    ඒවා ක්‍රියාත්මක කලොත් පමණයි මේ රට ආර්ථික අතින් ලස්සන, යහපත් රටක් බවට පත් කරන්න පුලුවන්. ඒ නිසා ඒ පිළිබඳව රජයේ අවධානය යොමු කළ යුතුයි. පාර්ලිමේන්තුවේ එහා පැත්තේ කට්ටිය මෙහා පැත්තට බනිනවා. මෙහා පැත්තේ කට්ටිය එහා පැත්තට බනිනවා. නමුත් කාගෙවත් වැඩපිළිවෙලක් නෑ.

    ඉතින් මෙතනින් අපි බැහැර වෙන්න අවශ්‍යයි කියන එකයි මා පෞද්ගලිකව විශ්වාස කරන්නේ.
    ඒ නිසා මේක අත්දැකීම් නැත්තං අපිට පුළුවන්කම තියෙනවා නම් මං හිතන්නේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ, හිටපු ජනාධිපතිතුමාගේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හොඳ ආර්ථික හොඳ ආර්ථික සැලසුම් තියෙනවා.

    විරුද්ධ පක්ෂයේත් ඉන්නවා හොඳ අය, ඒ අයත් එක්ක එකතුවෙලා, සාකච්ජා කරලා, සම්මුතියකට ඇවිත් එක වට මේසයක සාකච්ඡාවක් තියලා මේක රට අපි ඔක්කොම එකතුවෙලා මේක ගොඩගමු කියන ස්ථාවරයට එනවා නම් මම හිතන්නේ මේ රට ගෙනියන්න පුළුවන්.

    එහෙම නැතුව තමන්ගේ බලය විතරක් රැකගන්න, තමන්ගේ බලය විතරක් ආරක්ෂා කර ගන්න කටයුතු කරනවා නම් විරුද්ධ පක්ෂය හරි රජය හරි මම හිතන්නේ ඒක රටට විශාල වශයෙන් වගේම මේ අහිංසක ජනතාවටත් බලපානවා.

    පෙර පුව​තPHOTOS: කඳ සුරිඳු වන්දනාවට පළමු පාද චාරිකව ඇරඹෙයි
    ඊළඟ පුව​ත සම්බාහනය මුවාවෙන් ලොව පැරණිම රස්සාව කරලා මාට්ටුවෙයි

    සබැ​ඳි පුවත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    ජනපති හෙට ඉන්දියාවට

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    2026-02-16

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    2026-02-16

    ජනපති හෙට ඉන්දියාවට

    2026-02-16
    ක්‍රීඩා පුවත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-02-16

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    2026-02-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group