අනුර කුමාර දිසානායක නමින් මීට පෙර ප්‍රබල විපක්ෂ මන්ත්‍රීවරයකු සිටි බවත්, එහෙත් ජනතාවගේ අවාසනාවට එම මන්ත්‍රීවරයා දැන් මෙරට දේශපාලන කරළිය තුළ දක්නට නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.
එදා සිටි අනුර කුමාර දිසානායක අද සිටියා නම්, විශාල ඉන්ධන ප්‍රමාණයක් වැය කරමින් පොළොන්නරුවේ සංචාරය කළ හඳුන්නෙත්ති අමාත්‍යවරයාට වහාම කැබිනට් මණ්ඩලයෙන් සහ පාර්ලිමේන්තුවෙන් ඉවත් වන ලෙසට ප්‍රකාශ කරනු ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.














