මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණයින් 21 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කඩුවෙල පොලිසිය විසින් මෙම සාදය වටලා තිබෙනවා.
මෙම සාදය ෆේස්බුක් හරහා සංවිධානය කර තිබූ බවටයි වාර්තා වන්නේ.
වැලිවිට ප්‍රදේශයේ හෝටලයක මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වෙන බවට ලද තොරතුරක් මත කඩුවෙල පොලිසිය මෙම වැටලීම මධ්‍යම රාත්‍රීයේදී සිදු කර තිබෙනවා.
වැටලීමේදී පොලිස් නිලධාරීන් විසින් ගංජා සහ මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධ කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22ත් 27 අතර කොළඹ අවට සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංදිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල පොලිසිය පරීක්‍ෂණ සිදු කරනු ලබනවා.