උතුරු මැද පලාත වෙනුවෙන් අපරාධ විමර්ශන කොට්ඨාසයක් අනුරාධපුර පොලිස් ස්ථානය තුළ අද (08) දින විවෘත කර තිබෙනවා.
ඒ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු භාර අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ හා වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.
කැබිනට් අනුමැතිය ලැබිමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරිම වෙනුවෙන් පලාත් මට්ටමින් ආරාධ විමර්ශන කොට්ඨාස ආරම්භ කිරිමේ පියවරක් ලෙස උතුරු මැද පළාත තුළ මෙලෙස කාර්යාලයක් ආරම්භ කළ බවයි මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.
කොළඹ පැමිණ තම පැමිණිලි ඉදිරිපත් කිරිම වෙනුවට මෙම කොට්ඨාසය ආරම්භ කිරිමෙන් පසුව ජනතාවට වඩාත් පහසුවෙන් තම පැමිණිලි ඉදිරිපත් කිරිමේ හැකියාව මෙයින් උදාවනවා.
මෙම සියලු කටයුතු පොලිස්පතිවරයාගේ සෘජු අධික්ෂණය යටතේ සිදු කෙරන බව ද ආනන්ද විජේපාල අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
මේ අවස්ථාවට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවි සෙනවිරත්න මහතා සහ උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පිරිසක් එක්ව සිටියා.