හෙරොයින් ජාවාරමේ නිරත වූ පොලිස් නිලධාරිනියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ නිලධාරිනිය බදුල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිට ඇති බවයි වාර්තා වන්නේ .
සැකකාරිය ඊයේ රාත්‍රී 9.30ට පමණ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 200ක් හා එම ජාවාරමෙන් උපයා ගත් බවට සැක රුපියල් විසි හය දහසක මුදලක්ද සමගයි.
බදුල්ල කයිලගොඩ පිහිටි පොලිස් නිල නිවාස සංකීර්ණයේදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කළා.
අත්අඩංගුවට පත් පොලිස් නිලධාරිනිය සමග ජාවාරමට සම්බන්ධ හා හෙරොයින් ළඟ තබා ගැනීමේ වරදට තවත් සැකකාරියන් තිදෙනෙකු මෙන්ම සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ මෙම පිරිස එකම පවුලක ඥාති පිරිසක් බවට අනාවරණය වී ඇති බවයි .













