පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුනා.
පරිසර සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳව දැනුමෙන් පිරිපුන් සිසුන් සඳහා ජනාධිපති පදක්කම් පිරිනමා ඔවුන් ඇගයීම මෙහි අරමුණයි.
මෙම වැඩසටහන සංව්ධානය කරනු ලබන්නේ මධ්‍යම පරිසර අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධවයි.
මෙවර 11 වෙනි වරටත් පැවති පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවයේදී පරිසර නියමුවෝ 192ක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ජනාධිපති පදක්කම් ලබා ගත්තා.
පාසල් සිසුන් පරිසර නියමුවන් ලෙස පුහුණු කළ ගුරුවරුන්ට උපහාර පිදීමද මෙහිදී සිදු කෙරුණා.
2025 පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය වෙනුවෙන් සම්පාදනය කෙරුණු විශේෂ සමරු කලාපයද ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.
උණුසුම් පුවත්
- මාවනැල්ල ත්‍රිපුද්ගල ඝාතනය : මහේස්ත්‍රාත්වරිය ස්ථානය පරීක්ෂණය සිදුකරයි
- මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්
- අධ්‍යාපන අමාත්‍යංශයේ තීරණය ගැන ස්ටාලින්ගෙන් ප්‍රකාශයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි
- පාසල් කාලය සම්බන්ධයෙන් දැනුම් දීමක්
- මහනුවර අනවසර පදික වෙළෙඳුන් ඉවත් කෙරේ
- බල්ගේරියාවේ යුරෝ මුදල් භාවිතය ඇරඹෙයි
- සංක්‍රමණිකයින් 200 ක් රැගත් බෝට්ටුවක් පෙරළි යයි













