කොටහේන ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29 ක් වන මානිප්පායි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බවයි පොලීසිය සදහන් කලේ.
එම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාතාල කණ්ඩායම් දෙකක් අතර පවතින ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්රදර්ශනය ගැන ජනපති ප්රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්රගතිය සහ ඉදිරි සැලසුම්













