ඇෆ්ගනිස්තාන ජාතිකයින් ලක්ෂ 2කට අධික සංඛ්‍යාවක් පාකිස්තානයෙන් ඉවත්ව ගොස් ඇති බව ඉස්ලාමාබාද් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසනවා.
පාකිස්තාන රජය විසින් ඉකුත් අප්‍රේල් මාසයේදී ඇෆ්ගනිස්තාන ජාතිකයින් පිටුවහල් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමත් සමග මෙලෙස ඔවුන්ට පාකිස්තානය අතහැර යෑමට සිදුව තිබෙනවා.
ඉස්ලාමාබාද් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ වාර්තාවන්ට අනුව අප්‍රේල් මාසයේදී 135,000ක් හා මැයි මාසයේදී 67,000ක් ලෙස ඇෆ්ගනිස්තාන ජාතිකයින් මේ වනවිට පාකිස්තානයෙන් පිටුවහල් කර තිබෙනවා.
එමෙන්ම ජුනි මාසයේ මුල් දින දෙක තුළ 3,000කට වැඩි පිරිසක් ඇෆ්ගනිස්තානය වෙත යවා ඇති බව සදහන්.





 


 







 
								