මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීම සඳහා රටපුරා ක්‍රියාත්මක මෙහෙයුම් යටතේ ඊයේ දිනයේ දී පමණක් සැකකරුවන් එක්දහස් එකසිය විසිතුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවුණා.
ඒ අනුව වැටලීම් 1,125 ක් ක්‍රියාත්මක කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.
එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 1,123 දෙනා අතුරින් 33 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝගද ලබාගෙන තිබෙනවා.










