ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමත්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ ජය දකුණු අප්‍රිකාව හිමි කරගත්තා.
ඒ අනුව සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.
ඉන්දියාව ලබා දුන් ලකුණු 359 ක ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකාව පන්දුවාර 49 යි පන්දු 2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 362 ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කළා.
පන්දුවට පහරදීමේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඒඩියන් මාක්‍රම් පන්දු 98 කදී ලකුණු 110 ක් ලබා ගත්තා.
මැතිව් බී්‍රට්ස්ක් ලකුණු 68ක්, ඩිවෝල්ට් බ්‍රෙව්ස් ලකුණු 54ක් හා කොබින් බොස්ච් නොදැවී ලකුණු 29 ක් රැස්කරගැනීමට සමත් වුණා.
ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමග තරග 1 ට 1 ක් ලෙස කණ්ඩායම් දෙක සම තත්ත්වයේ පසු වනවා.










