අමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය විසින් වෙනිසියුලානු ගුවන් අවකාශය හරහා ගමන් කරන සියලුම ගුවන් සේවාවලට විශේෂ අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.
මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ වෙනිසියුලාව තුළ සහ ඒ අවට ආරක්ෂක තත්ත්වය අර්බුධයකට පත් වීම සහ හමුදා ක්‍රියාකාරකම් ඉහළ යාම හේතුවෙන්.
මෙම තර්ජන මගින් ගුවන්ගතවීමේදී, ගොඩබෑමේදී සහ ඕනෑම උසකින් ගමන් කරන ගුවන් යානාවලට අවදානමක් එල්ල විය හැකි බව සදහන්.
මෙම අනතුරු ඇඟවීම නිකුත් වන්නේ, වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ මහතාට එරෙහිව අමෙරිකාව විසින් පීඩනය තීව්‍ර කරමින් සිටින පසුබිමක වීමත් විශේෂත්වයක්.
මේ වන විටත් අමෙරිකානු නාවික හමුදාවට අයත් විශාල නෞකා රැසක් සහ ඹී ඨැර්කා ඍ. ත්‍දරා ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුළු යුධ බල ඇණියක් වෙනිසියුලානු වෙරළ ආසන්නයේ ස්ථානගත කර තිබෙනවා.
ඊට ප්‍රතිචාර වශයෙන් වෙනිසියුලාව ද සිය හමුදා සූදානම ඉහළ නංවා, විශාල හමුදා බලඇණියක් යෙදවීමට සූදානම් බව ප්‍රකාශ කර තිබීම මෙම ගුවන් අවකාශයේ ආරක්ෂක අවදානම ඉහළ නැංවීමට හේතු වී තිබෙනවා.
උණුසුම් පුවත්
- බෙල්ලනගේ වැඩ තහනම්
- වැඩි මිලට ටින් මාළු අලෙවි කළ ඇඹිලිපිටියේ කඩ දෙකකට දඩ
- රත්නපුර මහ නගර සභාවේ අයවැය දෙවනවර කියවීමත් පරදී
- නායයාමේ අවදානමක් නිසා පුස්සැල්ලාව ටවුමේ කඩ හතක් වසාදමයි
- පුද්ගල ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙක් අල්ලයි
- පුද්ගල ඝාතන දෙකක්
- උඩරට එළවළු මිලට වඩා පහතරට එළවළු මිල සීග්රයෙන් ඉහලට
- දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා













