ජාතික මදුරු මර්දන සතිය තුළ දිවයින පුරා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා.
ඒ යටතේ බත්තරමුල්ල ප්‍රදේශයේ නිවාස ඇතුළු පරිශ්‍ර පරීක්ෂා කිරීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කෙරුණා.
ජාතික මදුරු මර්දන සතියට සමගාමිව බත්තරමුල්ල ප්‍රදේශයේ හඳුනාගත් අවධානම් ප්‍රදේශ වල විශේෂ පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් සිදු කෙරුණා.
යුධ හමුදාව, පොලිසිය, සෞඛ්‍ය අංශ සමග එක්ව නිවාස,ගොඩනැගිලි , කර්මාන්තශාලා , ඉදිකිරීම් බිම් පරීක්ෂා කිරිමට කටයුතු කළා.
ඩෙංගු ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළයාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ජනතාව දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව මදුරුවන් බෝවන පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරිමට පියවර ගැනුණා.