විදේශ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 50 ක මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දකුණු කොරියාව, ඉතාලිය හා නවසිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ 50 ක මුදල් ලබාගෙන ඇති බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ෂණය අංශයට පැමිණිලි 8ක් ලැබී තිබෙනවා.
ඒ අනුව සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන් ඇයගේ නිවස පරීක්ෂා කළ ද එම කාන්තාව එහි නොසිටි බවයි කාර්යාංශය පවසන්නේ.
කෙසේ වෙතත් ඇය ගම්පහ ප්‍රදේශයේ දී ඊශ්‍රායල රැකියා සඳහා බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පවත්වන බවට ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වු නිලධාරීන් එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.










