උතුරු පළාතේ වෛද්‍ය සහ අධ්‍යාපනික පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ජපානය සිය සහය ලබාදීමට එකඟත්වය පලකර තිබෙනවා.
ඊයේ (11) දිනයේදී ජපන් තානාපති ගරු අකිඔ ඉසොමතා මහතා සිය පළමු උතුරු පළාත් සංචාරයේදී මානුෂීය සංවර්ධන සංවිධානය සහ නෆීල්ඩ් බිහිරි සහ අන්ධ පාසල් යන රාජ්‍ය නොවන සංවිධාන දෙකක් සමඟ " බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘති සඳහා ආධාර ප්‍රදාන (GGP)" වැඩසටහන යටතේ ආධාර ප්‍රදාන ගිවිසුම් දෙකක් අත්සන් කළා.
ගිවිසුම් සඳහා අත්සන් තැබීම උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහන් මහතා ඉදිරියේ යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු වුණා.