අවයව දන් දීමේ ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකය මගින් සංවිධානය කළ විශේෂ වැඩසටහනක් ඊයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ සහභාගිත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී පැවැත්වුණා.
සෑම වසරකම පෙබරවාරි 18 වන දින අවයව දන් දීමේ ජාතික දිනය සමරනු ලබන අතර එය මෙවර 7 වන වරට සංවිධානය කර තිබුණා.
මෙහිදී රෝහල් පරිශ්‍රයේ අවයව දායකයින් සිහිකිරීම පිණිස නිමවා තිබූ පලකයට අග්‍රාමාත්‍යතුමිය පහනක් දල්වමින් තම උත්තමාචාරය පිරිනැමුවා.