වසර 100කට වඩා පැරණි බගවන්තලාව ප්‍රාදේශීය තැපැල් කාර්යාලය සේවාලාභීන්ට ගුණාත්මක සේවාවක් ලබාදීමේ අරමුණින් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
සුදු අධිරාජ්‍යවාදීන් විසින් විවිධ කටයුතු සඳහා පවත්වාගෙන ගිය බගවන්තලාව ප්‍රාදේශීය තැපැල් කාර්යාලය වසර ගණනාවක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් එම තැපැල් කාර්යාලයේ සේවය කරන තැපැල් ස්ථානාධිපතිවරයා, කාර්ය මණ්ඩලයත්, එම තැපැල් කාර්යාලයෙන් සේවා ලබන බගවන්තලාව ප්‍රදේශයේ ග්‍රාමීය සහ වතු ගණනාවක ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.
සියලු සේවාවන් එකම කාර්යාලයක් තුළින් සිදු කිරීමේ අරමුණින් බගවන්තලාව ප්‍රාදේශීය තැපැල් කාර්යාලය නිල නිවසත් සමග සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර නවීකරණය කිරීමටයි තැපැල් දෙපාර්තමේන්තුව මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ.












