ලෝක සමාජ මාධ්‍ය දිනය අදට යෙදී තිබෙනවා. වර්තමානය වන විට ලෝකයේ මාධ්‍ය සමාජය හසුරුවන ප්‍රධානතම සන්නිවේදන මෙවලම ලෙස සමාජ මාධ්‍යය ප්‍රමුඛ ස්ථානයට පැමිණ තිබෙනවා. මේ අනුව ලොව දැවැන්ත වෙනසක් සිදු කිරීමට මෙන්ම ලෝකයම එක් ස්ථානයකට පත් කිරීමට සමාජ මාධ්‍ය ඉවහල් වී තිබීම විශේෂත්වයක්. නව මාධ්‍ය ප්‍රවණතා ඔස්සේ මේ වන විට සමාජ මාධ්‍ය සමාජ කණ්ඩායම්වල මූලික අංගයක් බවට පත්ව තිබෙනවා. තොරතුරු සම්පාදනය, විනෝදාස්වාදය යන මුඛ්‍ය සන්නිවේදන අවශ්‍යතා අතික්‍රමණය කරමින් මේ වන විට සමාජ මාධ්‍ය ප්‍රබල ජනමතයක් ගොඩ නඟා තිබීමද විශේෂත්වයක් ලෙසයි සැලකෙන්නේ. ලෝකයේ මහාද්වීප යා කරමින් අති විශාල සමාජ මාධ්‍ය ජාල රාශියක් ක්‍රියාත්මක වනවා. ඒ අතර ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම්, ටික් – ටොක් වැනි සන්නිවේදන මෙවලම් මේ වන විට ලොව සෑම සමාජ ස්ථරයක්ම නියෝජනය කරනු ලබනවා.
උණුසුම් පුවත්
- හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි
- රජය අපහසුතාවයට පත් කරන බොරු ප්‍රකාශ කරන්න එපා
- පුත්තලම නගර සභාවේ මංගල අයවැයත් පරදියි
- ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බගවන්තලාව ශාන්ත මේරිස් විද්‍යාලය පරීක්ෂාවට ලක්කරයි
- ජීව උණ්ඩ සමග සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- ජන ජීවිත යථා තත්ත්වයට පත් කරන්න එක්සත් ජාතීන්ගේ සහාය
- විපක්ෂය අන්ත අසරණයි – ඇමති බිමල් – VIDEO –
- ශ්‍රී ලංකාවට සුපිරිම සුපිරි චාන්ස් එකක් !













