ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කටයුතු කළ අවදියේ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව පුද්ගලයින් 15 දෙනෙකු ඇතුළත් කර රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් වැටුප් හා දීමනා වශයෙන් ලබා ගැනීමේ සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවලදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඒ මහතාගේ නිවසේ මෙහෙකාරිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අද (17) මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඉදිරියේ කැඳවනු ලබූ අතර, එහිදී අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාරිය විසින් ගනුදෙනු කළ බැංකු ගිණුමක් පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන් කළා.
එහිදී සැකකාරිය සඳහන් කළේ පස් කැපීමේ ව්‍යාපාරයක් සඳහා එම බැංකු ගිණුම ආරම්භ කළ බවයි. නමුත් එහි මුදල් හුවමාරු වී ඇති ආකාරය පිරික්සීමේදී එවැනි ව්‍යාපාරයක් පවත්වා නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් කියා පවසා සිටියා.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ, මෙම සැකකාරිය විසින් පරිහරණය කර තිබෙන්නේ තුන්වන සැකකාර නිශාන්ත බස්නායක නැමැත්තාගේ බැංකු ගිණුමේ මුදල් බවත් එම මුදල් රජයේ මුදල් නොවන බවත් සඳහන් කර සිටියේය.
කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකාරිය රුපියල් මිලියනය බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ අතර, ඇයගේ විදේශ ගමන් තහනම් කළා. අනතුරුව විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝගයක් නිකුත් කළා.
මෙම නඩුව යළි ඔක්තෝම්බර් මස 10 වන දා කැඳවීමට නියමිතයි.