රුපියල් කෝටි තුනක් වටිනා ඉඩමක් කූඨ ලේඛන සාදා එමඉ ඩම පවරා ගත් බව කියන නීතිඥ හා ප්‍රසිද්ධ නොතාරිස්වරයකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 67ක් පමණ වූ නුගේගොඩ තල්පත්පිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලකට අනුව සිදු කරනු ලැබූ විමර්ශනවලින් අනතුරුවයි.
පොලිසිය සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ව්‍යාජ කූඨ ලේඛන සකසා පස්යාල එල්ලක්කල ප්‍රදේශයේ පිහිටි ඉඩමක් එලෙස පවරාගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගැනුණු සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.