සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමේ පියවරක් ලෙස බේරේවැව සහ කටුනායක අතර ගෘහස්ථ ගුවන් ගමන් අද සිට ආරම්භ කෙරුණා.
මෙහි සමාරම්භක අවස්තාව සනිටුහන් කරමින් වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ යන මහත්වරු සහ නිලධාරීන් පිරිසක් කටුනායක සිට කොළඹ බේරේ වැව දක්වා ගුවනින් අද පෙරවරුවේ පැමිණියා.
ඒ සිනමන් ගුවන් සමාගමට අයත් සෙස්නා 208 යානයක් මෙහි සමාරම්භක අවස්ථාවේ බේරේ වැව මත ගොඩබස්වනු ලැබුවා.
එම පිරිස පිළිගැනීමට රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයියකොන්තා සහ ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන් යන මහත්වරු පැමිණ සිටියා.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ අභ්‍යන්තර ගුවන් සේවා සඳහා ගුවන් සමාගම් වලට ආරාධනා කරන බවයි.