
ව්‍යාජ රියදුරු බරපත්‍ර සාදා මුදලට අලෙවි කරන සංවිධානාත්මක ජාලයකට අයත් බව කියන දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබෙනවා. සැකකරුවන් දෙදෙනා සමග ව්‍යාජ රියදුරු බලපත්‍ර දෙකක් පොලිස් භාරයට ගැනීමටයි හැකිව ඇත්තේ . එක් සැකකරුවකු මෝටර් රථ දෙපාර්තමේන්තුවේ රථ ගාල අසලදී සහ අනෙක් සැකකරු වේරහැර රියදුරු අභ්‍යාස ආයතනයක් තුළදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.














