කටාර් රාජ්‍යයේ සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක කර එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරය මැදපෙරදිග රටවල් කිහිපයක් හෙළා දැක තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සවුදි අරාබිය, කටාර්, ඊජිප්තුව, ඉරාකය සහ ජෝර්දානය යන රටවල් මෙම ප්‍රහාරය හෙළා දැක ඇති බවයි. කටාර්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරකට ඉරානය විසින් ඊයේ මිසයිල ප්‍රහාර එල්ල කළා. කටාර්හි පිහිටි අල් උදෙයිඩ් හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරය සාර්ථකව ව්‍යාර්ථ කළ බව කටාර් රජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණා. ඉරානය විසින් මිසයිල ප්‍රහාර 12 ක් අදාළ කඳවුර වෙත එල්ල කර ඇති අතර ඉන් 11 ක්ම විනාශ කිරීමට හැකි වූ බවයි ඔවුන් පෙන්වා දෙනවා. අදාළ ප්‍රහාරය සිය රාජ්‍යයේ ස්වෛරීභාවය, ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝණය කිරීමක් බව කටාර් රජය පෙන්වා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
උණුසුම් පුවත්
- සුළු සුළු කරුණු මත බලය ගන්න සුන්බුන් විපක්ෂය හිතනවා නම් ඒක සිහිනයක් විතරයි
- අසභ්‍ය දෑ පෙළපොතින් ඉවත් කරනු වෙනුවට ආණ්ඩුව කරන්නේ රඟපෑමක් – විශ්වාසභංගය තවමත් වලංගුයි
- කෝටි අටකට අධික වටිනා කුෂ් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මරුට
- දිය අනතුරකට ලක්වූ විදේශිකයන් දෙදෙනෙක් බේරා ගැනේ
- පිස්තෝල අවියක් සමග අයෙක් අත්අඩංගුවට
- ලක්ෂ 50කට අධික ගංජා හේනක් වටලයි
- දකුණු මුහුදේදී ඇල්ලු බහුදින ධිවර යාත්‍රා 2ක දික්ඕවිට ධිවර වරායට













