වසරේ ගත වූ මාස හයක පමණ කාලය තුළදී ශ්‍රී ලංකා රේගුව රුපියල් ට්‍රිලියනය ඉක්මවා ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසනවා.
ඒ අනුව මෙම වසරේදී රජය ලබාදුන් ආදායම් ඉලක්කය පසුකාර යාමට හැකිවනු ඇති බවයි කොළඹ අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම කියා සිටියේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අරුක්ගොඩ මහතා කියා සිටියේ මෙම වසරේදී රුපියල් බිලියන 2115ක ආදායම් ඉලක්කයක් රජය ලබාදී ඇති බවයි.
වත්මන් තත්ත්වයත් අනුව මෙම වසරේදී රජය ලබාදී ඇති ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකා රේගුවට හැකියාව ලැබෙනු ඇති බවයි ඔහු කියා සිටියේ.