මගී ප්‍රවාහන බස් රථයක් සහ දර ප්‍රවාහන කළ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද(26) සිදු වූ අනතුරකින් මගී ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයේ රියදුරා නාවලපිටිය රෝහලට ඇතුළත් කර අති බව නාවලපිටිය පොලිසිය පවසනවා.
හැටන් මහනුවර ප්‍රදේශ මාර්ගයේ නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේදී අද(26) පෙරවරු 11.30ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
මහනුවර සිට හැටන් බලා දර ප්‍රවාහනය කළ ලොරි රථයක පසුපස කොටස බස් රථයේ රියදුරු අසුන ආසන්නයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරෙන් බස් රථයේ රියදුරුගේ අසුන ප්‍රදේශයට දැඩි අලාභ හානි සිදුව ඇති බවත් පොලිසිය පවසනවා.
බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ බස් රථයේ මගීන් විශාල පිරිසක් ගමන් කර ඇති බවත් මගීන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර එම මගීන් වෙනත් බස් රථයකින් ගමනාන්තය දක්වා යැවටීමට නාවලපිටිය පොලිසිය පියවර ගෙන තිබෙනවා.
අනතුර සිදු වූ ස්ථානයේ මාර්ගය පටු බවත්, ලොරි රථයේ රියදුරාගේ අපරීක්‍ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව වී ඇති බවත් ලොරි රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවත් නාවලපිටිය පොලිසිය පවසනවා.