බීමත්ම රිය ධාවනය කිරීමේ චෝදනාව යටතේ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක රියදුරෙකු ඇතුළු රියදුරන් හත් දෙනෙකුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කර ඇති බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් කියා සිටියා.
පසුගිය දින කිහිපය තුළ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලදාරීන් සහ කෝට්ඨාස රථ වාහන අංශයේ නිලධාරීන් සිදු කරන ලද වාහන පරීක්ෂාවලදී බීමත්ව ත්‍රීරෝද රථ, යතුරු පැදි සහ වෑන් රථ ධාවනය කළ රියදුරන්ව අත්අඩංගුවට ගැනීමට හැකි වූබවත් එම රියදුරන් පොලිස් ඇප මත මුදාහැර ඇති බවයි රථ වාහන අංශයේ නිලදාරින් කියා සිටියේ.