ඉන්දීය ගුවන් ආරක්ෂක පද්ධතිය විනාශ කරන බවට පාකිස්ථානය ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ප්‍රකාශ මාලාවක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ, සිය හමුදාව විසින් ඉන්දියාවේ එස් – හාරසීය ආරක්ෂක පද්ධතිය විනාශ කළ බවයි.
එමෙන්ම, ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ වෙබ් අඩවි ඇතුළු ඉන්දියාවේ ඉහළම වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් දියත් කර තම යටතට ගත් බවද ඔවුන් නිකුත් කළ ප්‍රකාශයේ සදහන්.
කෙසේ වෙතත්, වෙබ් අඩවි පාකිස්ථානය යටතට ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.