T56 වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(21) සවස් කාලයේ කිරිබත්ගොඩ අලුත්පාර ප්‍රදේශයේ අපරාධ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටි කිරිබත්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු සහ අදාළ ගිනි අවිය අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එහිදී T56 ගිනි අවියක් එම පතොරම් 30ක් සහිත පතොරම් ගැබ් දෙකක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 560ක් සන්තකයේ තබාගෙන ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 30ක් පමණ වන වන වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.