හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 2 ට ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතයි.
සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් සදහා වන විශේෂ දේශනයක් සඳහා ඔහු මෙලෙස ඉන්දියාව බලා පිටත්ව යනු ඇති.
රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් නව දිල්ලි නුවර භාරත මණ්ඩපයේදී හෙට දින මෙම දේශනය පැවැත්වෙනු ඇති.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් සහ ඔස්ටේ්‍රලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් යන මහත්වරුන් ද මෙහිදි දේශන පැවැත්වීමට නියමිතයි.
දකුණු ආසියාව සම්බන්ධයෙන් වන දේශනය පවත්වනු ලබන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වීම විශේෂත්වයක්.
මෙම ඉන්දීය සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ හමුවක්ද පැවැත්වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- මාරක අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
- කිරුළපන වෙළඳ සැලක ගින්නක්
- මොරගහකන්ද ජලාශය ප්‍රදේශයෙන් ජීව පතරොම් තොගයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මෙරටදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් වෙනුවෙන් ඉන්දියාවේදී විරෝධතාවක්
- කාන්තා ලෝක කුසලානයේ ඉන්දීය – ඕස්ට්‍රේලියානු ගැටුම අද
- තිස්සමහාරාමෙන් අවි ආයුධ තොගයක් සොයා ගනී
- මොරගහකන්ද ජලාශයෙන් ජීව පතුරොම් 400ක් සොයා ගැනේ