ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.
එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතද වැසි ඇති වන බවද එම නිවේදනයේ දක්වා තිබුණා.
එමෙන්ම යාපනය, මන්නාරම, අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ.
උණුසුම් පුවත්
- නාගලගම්වීදිය ජල මාපකය අඩි 8 ඉක්මවයි
- විමලසුරේන්ද්‍ර ජලාශයේ යුද හමුදා මුර පොළට පස් කන්දක් කඩා වැටෙයි
- අනුරපුර සහ නුවරඑළිය නගරවලට යන එන සියලු පාරවල් අවහිරයි
- රටම ආපදාවට ලක්වෙද්දි ෆේස්බුක් සාදයක් දැමූ සෙට් එකක් කොටු
- ආපදා මරණ සංඛ්‍යාව 159ක් දක්වා ඉහළට
- අඹතලේ ගංවතුර පාලන වේල්ල පිටාර ගැලීමේ අවදානමක
- කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක්
- වැඩිහිටි නිවාසයක සිටි 11 දෙනෙකු ජිවිතක්ෂයට













