සපුගස්කන්ද ප්‍රදේශයේ ඉදිකෙරෙන වර්තමාන තෙල් පිරිපහදු ධාරිතාව මෙන් දෙගුණයකින් යුත් නව පිරිපහදුව ව්‍යාපෘතියට අභිලාශ කැඳවීම සිදුකර තිබෙනවා.
මෙය ඩොලර් බිලියන 3ක ආයෝජනයක් බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා සදහන් කළේ.
1969 වර්ශයෙන් පසුව ශ්‍රී ලංකාව මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කරන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේශත්වයක්.
වර්තමාන තෙල් පිරිපහදු ධාරිතාව මෙන් දෙගුණයකින් යුත් නව පිරිපහදුවක් සපුගස්කන්ද ප්‍රදේශයේ ඉදි කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
අදාළ ව්‍යාපෘතියේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
එහි පළමු පියවර ලෙස ලංකා ඛණිජ තෙල් නීතීගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතාගේ මූලිකත්වයෙන් ආයෝජක හමුවක් සංවිධාන කර තිබුණා.
එහිදී මෙම තෙල් පිරිපහදු ව්‍යාපෘතිය පිළිබඳ, ව්‍යාපෘතියේ අරමුණු පිලිබදවත් ආයෝජකයින්ට පැහැදිලි කරනු ලැබුවා.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













