
මෙරට කාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍රයන් නගාසිටුවීම සඳහා පෙරමුණ ගන්නා ලෙස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. ඔස්ටේ්‍රලියා- ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය මගින් සංවිධානය කළ Sri Lankan Entrepreneurs Night 2026 ව්‍යවසායක සමුළුවට එක්වෙමින් ඔහු මෙම ඇරයුම් සිදුකර තිබෙනවා. මෙල්බර්න් නුවරදී පැවති මෙම සමුළුවේ ප්‍රධාන දේශනය අමාත්‍යවරයා විසින් සිදුකරනු ලැබුනා.
එහිදී ඔහු වත්මන් ආර්ථික අභියෝග ජයගනිමින් ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම සඳහා විදේශගත ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් සහ ආයෝජකයන් සතු කාර්යභාරය පෙන්වා දුන්නා. දූෂණයෙන් තොර, ආයෝජන හිතකාමී සහ පූර්ණ විනිවිදභාවයෙන් යුතු නව ආර්ථික පරිසරයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කලේ.
මව්බිමේ සංවර්ධනයට සක්‍රීයව දායක වන ලෙසද ඔහු සියලු ව්‍යවසායකයන්ට මෙහිදී විවෘත ඇරයුමක් සිදු කර තිබුණා.














