ලබන 25 වන සිකුරාදා පෙරවරු 11.30 සිට පස්වරු 05.00 දක්වා අභාවප්‍රාප්ත වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට කාලය වෙන් කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඊයේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් අනුව මෙම ශෝක යෝජනා පිළිබඳ විවාදය සිදු කෙරෙනු ඇති. මේ අනුව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්පන්දන්, අබේරත්න බණ්ඩාර හේරත් පිලපිටිය, ඩබ්.බී ඒකනායක, ලකී ජයවර්ධන සහ මාලිනී ෆොන්සේකා යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් මෙලෙස ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි. ශෝක යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, පස්වරු 05.00 සිට පස්වරු 05.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- යාපනයේදී තරුණයෙක් පැහැර ගැනීමට සැකපිට අටක් අල්ලයි
- ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
- එංගලන්ත ශ්‍රී ලංකා අවසන් එක්දින තරගය අද
- ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ ජාතික වැඩසටහන ජනාධිපති ප්‍රධානත්වයෙන්
- රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහලට
- කිරිනැලියකන්ද ප්‍රදේශයේ කෑලෑවකින් ආයුධ තොගයක් හමුවෙයි
- වෛද්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගය අදත්
- හිටපු ඇමැති පී. හැරිසන් FCIDයට












