රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන ස්ථානීය දඩමුදල් ගෙවිමේ GovPay වැඩසටහන නිල වශයෙන් දකුණු පළාත තුළ අද සිට ක්‍රියාත්මකයි.
ඒ පිළිබඳ දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වුණා.
ඒ අනුව මෙම පහසුකම එළඹෙන මාසයේ සිට උතුරු පළාතෙන්ද ලබා ගත හැකි බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව වසර අවසන් වීමට පෙර පළාත් 9ම ආවරණය කිරීමට අපේක්ෂා කෙරෙන බවයි පොලිසිය පවසන්නේ.