සංචාරක මඟ පෙන්වන්නන් ලෙස හඟවමින් මෙරටට පැමිණෙන සංචාරකයන් මුලාකර මුදල් වංචා කිරීමේ යෙදුණු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සංචාරක පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.
කොළඹ දිසාවේ සිදු කරන විශේෂ ආරක්ෂක වැඩසටහන යටතේ කොළඹ, කොටුව චැතැම් වීදිය ප්‍රදේශයේ රැඳී සිටි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකාර පුද්ගලයන් මෙරට පැමිණෙන සංචාරකයන් අමතා උද්ඝෝෂණ පවතින බැවින් මාර්ග වසා දමා ඇති බවත්, ඒ හේතුවෙන් රථ වාහන තදබද පවතින බවට මුලාකර ඇති බවටයි වාර්තා වන්නේ.
එමමාර්ගවල පිහිටි ඇතැම් හෝටල්වල කළමනාකරුවන් ලෙස පෙනීී සිටිමින් සංචාරකයන්ට හිරිහැර වන ආකාරයෙන් මෙන්ම මුලා කර දුර බැහැර ප්‍රදේශවලට හෝටල් කරා ත්‍රිරෝද රථ මගින් යොමු කර අසිමිත ආකාරයෙන් මුදල් වංචා කර ඇති බවයි පොලිසිය සදහන් කලේ.











