වෙළඳ පොලේ බිත්තර සහ කුකුලු මස්වල සිල්ලර මිල විශාල වශයෙන් පහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.
මේ අනුව සාමාන්‍ය බිත්තරයක මිල රුපියල් 24 – 30 අතර මිලක පවතිනවා.
මේ අතර කුකුලු මස් කිලෝව රුපියල් 650 – 850 අතර මිළක අළෙවි වන බවයි වෙළඳපල ආරංචි මාර්ග පවසන්නේ.
බිත්තර සහ කුකුලු මස්වලට පවතින ඉල්ලුම අඩුවීම මත බිත්තර සහ කුකුලු මස් නිශ්පාදනය ඉහළ යාම හේතුවෙන් මෙසේ මිල පහළ ගොස් තිබෙන බවයි මස් සහ බිත්තර නිශ්පාදකයෝ පවසන්නේ.
ඒ අනූව ජනවාරි 29 සිට මෙසේ ඉල්ලුම අඩු වෙමින් තිබෙන බවයි පැවසෙන්නේ.
මේ අතර සුපිරි වෙළඳ සැල්වල ඇති බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 500 – 520 අතර මිලකටයි පවතින්නේ.
එමෙන්ම කුකුලු මස් තොග කිලෝව රුපියල් 600 කට අළෙවි කෙරෙන බවයි වෙළෙඳුන් පවසන්නේ.