නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායමේ ඓතිහාසික ශ්‍රී ලංකා තරග සංචාරයේ පළමු රග්බි තරගය අද මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
මෙලෙස නවසීලන්ත රග්බි කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරයට එක්වන්නේ වසර 118කට පසුවයි.
නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ කණ්ඩායමක් පළමු වරට විදෙස් තරග සංචාරයට එක්වෙද්දී මෙම තරගය ඉලක්ක කර ගනිමින් දෙපිලේ ක්‍රීඩකයින් සිය අවසන් පුහුණු සැසි සඳහා ඊයේ එක්ව සිටියා.