සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන , උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේදී සිදු කර තිබෙනවා .
ශ්‍රී ලංකාවේ සිසුන්ට සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා පුර්ණ ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා වන මෙම ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලය පසුගියදා අනුමැතිය ලබාදුන්නා.
ඒ අනුව උසස් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව වෙනුවෙන් වූ මෙම ගිවිසුමට සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ ප්‍රධානී මහාචාර්ය ඇරොන් තියැන් මහතා අත්සන් තිබෙනවා.
අනතුරුව එය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකිරීම සඳහා සිංගප්පූරුවේ ශ්‍රි ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක මහතා වෙත භාරදෙනු ලැබුවා.
ගෝලීය විශ්වවිද්‍යාල ශේණිගත කිරීම් අනුව සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය ලොව ප්‍රමුඛ ස්ථානයක පසුවනවා.













