2025 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ කැපී පෙනෙන ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරන බව ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.
ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේ 2025 වසරේ මුල් මාස පහ තුළ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 6,933.35 ක් බවයි.
එය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 7.14% ක වර්ධනයක් බව ඔහු තවදුරටත් සඳහන් කළා.
“2025 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,386.66 ක් වනවා.
මෙය 2024 මැයි මාසයට සාපේක්ෂව 6.35% ක වාර්ෂික වර්ධනයක් බවයි වාර්තා වන්නේ.
2025 මැයි මාසයේදී පමණක්, වෙළඳ භාණ්ඩ අපනයනය වාර්ෂිකව සියයට 1.70% කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1,028.52 ක් දක්වා ළඟා වී තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්ත වලට අනුව, එම සංඛ්‍යාවට මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සදහා වූ ඇස්තමේන්තුගත ආදායම ද ඇතුළත් වනවා.
2025 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 5,344.23 කින් ඉහළ ගොස් තිබෙනවා.
එය 2024 වර්ශයට සාපේක්ෂව සියයට 5.46% ක වැඩිවීමක් බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- අධික වර්ශාවෙන් මුම්බායි නුවර ජනජීවිතයට දැඩි බලපෑම්
- බලපෑම්වලට ඛණිජතෙල් සංස්ථාවේ රැකියා ලබා දෙන්නේ නැහැ – ජනක රාජකරුණා
- නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත නුදුරේදීම
- සෞඛ්‍ය ක්ෂේත්රයට තාක්ෂණ දායකත්වය -බි්රතාන්ය මහකොමසාරිස්
- කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවක්
- විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය අවසන්
- ඇෆ්ගනිස්ථානයේ බස්රථ අනතුරින් මිය ගිය ගණන ඉහලට
- අනාගතයට සුදානම් වෙන්න සජිත් සිංගප්පූරුවේ සංචාරයක ?