මැයි දිනය සමරමින් රට පුරා ස්ථාන 15කදී ප්‍රධාන රැලි 12ක්, පෙළපාළි 9ක්, පුෂ්පෝපහාර දැක්වීම් 3ක් හා රැස්වීම් 3ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මේ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය ගාලුමුවදොර පිටියේදී අද සවස 3.00ට පැවැත්විමට නියමිතයි.
සමගි ජන බලවේගය සංවිධාන කරන මැයි රැලිය තලවකැලේ නගරයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සවස 2.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පස්වරු 2.00ට පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්ව පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැලිය සවස 3.00ට කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. .
එහි නායක කුමාර් ගුණරත්නම්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැලිය පැවැත්වෙන අතර පස්වරු 1.00ට කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ සිට ඇතුලත්මුදලි ක්‍රීඩාංගණය දක්වා මැයි පෙළපාළිය පැවැත්වීමට නියමිතයි.
හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන එක්සත් පෙරමුණ පවත්වන මැයි රැලිය අතුරුගිරිය ජනෝදාන ශාලාවේදී පස්වරු 2.30ට ආරම්භ වනවා. .
ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව සමාජවාදී ජනතා පෙරමුණ ලෙස පවත්වන මැයි රැලිය කොළඹ හයිඩ් පිටියේදී පස්වරු 3.00ට ආරම්භ වන බවයි වාර්තා වන්නේ.
සමසමාජ පක්ෂයේ මැයි රැලිය විහාරමහාදේවී උද්‍යානයේදී සවස 2.00ට පැවැත්වෙන අතර දෙවැනි පරපුර සංවිධාන කරන මැයි රැලිය පුස්තකාල ශ්‍රවණාගාර පරිශ්‍රයේදී එහි නායක උවිදු විජේවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
මේ අතර සර්වජන බලය සංවිධන කරන සර්වජන සැමරුම වරකාපොළ නගරයේදීත් ජනසෙත පෙරමුණේ මැයි රැලිය කතරගමදීත් පැවැත්වීමට නියමිතයි.