ජපානය සහ ඉන්දියාව ආසියාවේ ප්රමුඛ බලවතුන් බව කාටත් නොරහසක්.
ඔවුන් අති නවීන තාක්ෂණයෙන් සන්නද්ධව ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ බටහිර ප්‍රජාව සමග කරටකර තරගයක නිරත වී සිටිනවා.
එමෙන්ම යුධ අභ්‍යාස, ආයෝජන සහ තාක්ෂණය යන කරුණු හරහා Quad එකමුතුව මගින් ඔවුන් සහයෝගීව කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
එමෙන්ම කලාපිය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඉන්දියාවේ සහ ජපානයේ කාර්යය භාරය ප්රමුඛ බව ජාත්‍යන්තරයේ මතයයි.