පැල්පත් නිවසක නිදා සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකු ඔහු නිදා සිටි ඇඳ සමඟම පිලිස්සී මියගොස් ඇති බව කයිට්ස් පොලීසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අල්ලෙයිපිඩ්ඩි, වෙන්පුරවි ලිපිනයේ පදිංචි 84 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම මරණය හදිසි අනතුරක්ද, ඝාතනයක්ද, යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි කයිට්ස් පොලීසිය පවසන්නේ.