බොරැල්ල, මොඩල්ෆාම් හන්දියේ සිට ඩී.එස්. සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසිමක් හේතුවෙන් රථ වාහන ගමනාගමනයට අවහිරතාවයක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ එම හේතුවෙන් කොළඹ දෙසට ඇතුළු වන මාර්ගය භාවිතා කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙයසි.
ඒ අනුව මෙඩාල්ෆාම් හන්දිය හරහා කොළමට ඇතුළු වන වාහන මොඩල්ෆාම් හන්දියෙන් කනත්ත වටරවුම දෙසට ගමන් කරන බේස්ලයින් මාර්ගයට පිවිසිය හැක.
එසේම රාජගිරිය දෙස සිට කොළඹ ඇතුළු වන වාහන ආයුර්වේද වටරවුමෙන් කොටා පාර ඔස්සේ කොළඹට ඇතුළු විය හැක.
කොළඹ දෙස සිට මොඩල්ෆාම් හන්දිය හරහා ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය දෙසට ගමන් ගන්නා වාහන ඩී.එස්. සේනානායක හන්දියෙන් වමට හැරී බොරැල්ල හන්දිය හරහා කොටා පාර ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයට පිවිසිය හැකි බවයි පොලිසිය පවසන්නේ.