ජපානයේ ඊයේ සිදුවූ ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා.
උතුරු ජපානයේ සිදු වූ රික්ටර් පරිමාණ ඒකක 7.5 ක භූමිකම්පාව හේතුවෙන් ගොඩනැගිලි කඩා වැටීමෙන් මෙලෙස තුවාල සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අමෝරි කලාපයේ වෙරළට කිලෝමීටර 80 ක් පමණ දුරින් කිලෝමීටර 50 ක් ගැඹුරින් මුහුදේ භූමිකම්පාව හටගෙන තිබුණේ ජපාන වේලාවෙන් රාත්‍රී 11:15ටයි.










