නුවරඑළියේ සිට හැටන් දක්වා ධාවනය වූ ලොරි රථයක් නානුඑය රදැල්ල කෙටි මාර්ගයේදී මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් ලොරි රථයේ රියදුරා සුළු තුවාල ලබා ඇති බව නානුඔය පොලිසිය පවසනවා.
ඊයේ(19) පස්වරු 5ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සමර්සෙට් වත්ත ප්‍රදේශයේදීයි.
ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ තිරිංග ක්‍රියාවිරහිතවීම නිසා රියදුරා ලොරි රථය බෑවුම් සහිත ප්‍රදේශයකදී කන්දක ගැටී නතර කිරීමට යාමේදී අනතුර සිදුව ඇති බවයි නානුඔය පොලිසිය පවසන්නේ.
අනතුරු ලොරි රථයටද දැඩි අලාභහානි සිදුව තිබෙනවා.













