එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සදහා පිටත්ව ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණියා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 10 වන දින දිවයිනෙන් පිටත්ව ගියා.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ඩුබායි හි පැවැත් වූ 2025 ලෝක රාජ්‍ය සමුළුව අමතනු ලැබුවා.
වොයිස් කට් – අනුර කුමාර
එමෙන්ම ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වූ රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහ ආණ්ඩුවල ප්‍රධානීන් සමග ද ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.