මත්කරල් බෙදාහරිනු ලැබූ සැකකරුවෙක් මාවතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාවතගම කර්මාන්තපුර හන්දිය ප්‍රදේශයේදී අදාළ සැකකරු ඊයේ(08) දහවල් කාලයේ අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය කියා සිටියේ.
මාවතගම පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 25ක් වන ඊතනවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මත්කරල් බෙදාහරිනු ලබන සැකකාරියක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කරගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
එලෙස ලැබුණු තොරතුරු අනුව වාරියපොළ, යටිකඳුරුව ප්‍රදේශයේ මත්කරල් 9657ක් සමග සැකකාරියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 37ක් පමණ වන ඉපලව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පවසන්නේ.
ඇය ඇඟලුම් කම්හල් සේවිකාවක් බවටද තොරතුරු වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.